හදුන්-කූරු නිෂ්පාදනය කරන්න උපෙදස්  ‍|ස්වයං රැකියා

හදුන් කූරු නිෂ්පාදනය කරන්න උපෙදස්  ‍|ස්වයං රැකියා ,ඇත්තටම මෙම ලිපි පෙළ ලිපි පෙළ තුලින් අපේක්ෂා කරන්නේ රැකියාවක් කරන ඔබට අමතර රැකියාවක් හෝ රැකියාවක් නො කරන ඔබට ස්ථිර රැකියා අවස්ථාවක් ලෙස ස්වයං රැකියාවක් හඳුන්වා දීමයි .ඔබ ඇතැම් විට හදුන් කූරු මිලදී ගන්නේ නිවස අසල ඇති කඩයෙන් හෝ වෙළෙඳ පොළෙන් වන්නට පුළුවන.නමුත් ඔබ දන්නවාද එම හදුන්කූරු ඔබ අතට පත්වන ආකාරය.එම හදුන්කුරු ඔබ අතට පත්වන විට එම නිෂ්පාදකයන් සහ අතරමැදියන් දිනෙන් දින දියුණු වී හමාරය.එ සේ නම් ඔබටත් එවැනි සිහිනය තිබෙන්නට හැක.නමුත් ඔබට ඇති ප්‍රශ්නය ඒ ආකාරයෙන් හඳුන්කූරු සාදන්නේ කෙසේද ,මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද වැනි තාක්ෂණික උපදෙස් ය.එසේ නම් ඔබට එම අවශ්‍ය සියලු ම තාක්ෂණික උපදෙස් මෙම ලිපිය මගින් ලබා දීමට අප සුදානම් .ඇතැම් අය සිදු කරනවා මෙන් මුද්දර දැමූ ලියුම් කවරයක් අපට අවශ්‍ය නැත.තාක්ෂණික උපදෙස් ලබා දීමට අපට කිසිදු මුදලක් ද අවශ්‍ය නැත.එම අවශ්‍ය උපදෙස් සියල්ල ම මේ තුළින් ඔබට වටහාගත හැකිවෙයි .

  අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?
  •  1.අඟුරු කුඩු කිලෝග්‍රෑම් එකයි.
  •  2.ලී කුඩු කිලෝග්‍රෑම් එකයි.
  •  3.පට්ටා කිලෝ එකයි.
  •  4.සුදු හඳුන් කුඩු ග්‍රෑම් ග්‍රෑම් 500 යි.
  • 5.සාම්බ්‍රානි කුඩු ග්‍රෑම් 500 යි .
  • 6.උණ කුරු අවශ්‍ය ප්‍රමාණයක්
  • 7.jesmine හෝ වෙනත් සුවඳ 150ml.
  • 8.white ඔයිල්  200ml
  • 9. සැවැන්දරා කුඩු ග්‍රෑම් 500 යි.
  • 10.ලී කුඩු කිලෝ එකයි.

සාදන ක්‍රමය.
 1. ලී කුඩු, පට්ටා ,අඟුරු, සැවැන්දරා සහ සාම්බ්‍රානි ආදිය කුඩුකර පෙනේරයෙන් හලා ගන්න. 

2.වතුර සමඟ මිශ්‍ර කරමින් තලපයක් සේ සියල්ල එකට මිශ්‍ර කොට සකස් කර ගන්න.

3.දියාරු නොවන ආකාරයට සාදා ගත් මෙම තලපයෙන් කඩා ගත් කුඩා කොටසක් හොඳින් මදින ලද ලෑල්ලකට යළිත් තලපයක් සේ තවරා ,උණ කූරු ඒ මත තබා අත්ලෙන් එක් පැත්තකට අඹර වන්න .එවිට ඔබ දැක ඇති හඳුන්කූරු  සේ එම  තලපය උණ කූරු වලට ඇලෙයි.

4.මිශ්‍රණය ඇලුණු උන කූරු අව්වේ තබා හොඳින් වියළා ගන්න.


සුවදවත් කර ගන්නේ කෙසේ ද ?

  jesmine හෝ වෙනත් සුවද වර්ගය සහ white oil කොටස් 1 1/2 ක් එකට මිශ්‍ර කොට ස්ප්‍රේ යන්ත්‍රයක්  මගින් එම මිශ්‍රණය හඳුන්කූර⁣ට ස්ප්‍රේ කරන්න .
(ස්ප්‍රේ යන්ත්‍රයක් නැති වුවද අදාළ මිශ්‍රණයට හඳුන්කූරු බහා ගැනීමෙන්  කාර්යය පහසු කර ගත හැකිය.එහෙත් එසේ කිරීමෙන් සුවඳ මිශ්‍රණ වැඩි ප්‍රමාණයක් වැය වේ .)

  සුදු සව්  කඩදාසි වල දවටා පැකැට්ටුවක බහා ගත්  කූරු 25 ක් හෝ 50 ක් වශයෙන් වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකිය .හිස් දවටන අවශ්‍ය නම් ඒවා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලදී මිලදි ගත හැක .


 වැදගත් 
කොටස් වශයෙන් සඳහන් කර ඇති හඳුන් කූරු සාදා ගැනීමේදී කරගන්නා ද්‍රව්‍ය කොටස් මැනීම සඳහා උපයෝගී කරගන්නා භාජනයෙන් කොටස් 6, 12 ක් වශයෙන් මැන ගන්න.එලෙසින්ම කුඩු දියරයද මැන ගන්න.


හදුන්කූරු වලින් සාර්ථකත්වයට පත්වූ වික්‍රමගේ කතාව සහිත විඩියෝව





හදුන්කූරු හදනා අාකාරය

SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.