කොරෝනා වෛරසය: මාළු කෑමෙන් වෛරසය ආසාදනය විය හැකිද?


"කොරෝනා හැදෙනවා කියලා මාළු නොකා ඉන්න එක මෝඩකමක්. මාළු ආහාරයට ගැනීමෙන් කොවිඩ් වැළදෙන්නේ නැහැ." රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ, ධීවර සහ ජල ජීවී වගා අධ්‍යයන අංශයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ හිටපු සම්මානිත මහාචාර්ය රුචිරා කුමාරණතුංග පවසයි.


"කොරෝනා වෛරසය මාළුවාගේ ශරීරය තුළට ඇතුළු විය නොහැකියි. යම් ආකාරයකින් වෛරසය ඇතුළු වුවහොත් හොඳින් සෝදා වැඩි උෂ්ණත්වයක පිසින නිසා වෛරසය රඳා පවතින්නේ නෑ. සෙල්සියස් 70 කට වැඩි උෂ්ණත්වයකදී වෛරසය විනාශ වන නිසා හොදින් පිසූ මාළු ආහාරයට ගැනීමෙන් වෛරසයේ බලපෑමක් නෑ. මාළු නොකා හිටියොත්, මිලදී ගන්නේ නැති වුණොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අපි දිගටම පිරිසිදුකම පවත්වාගෙන යනවානම් මේ තත්ත්වය දුරදිග යන්නේ නෑ. මාළු ඇල්ලුවත්, මාළු විකිණුවත් අත් ආවරණ, මුව ආවරණ පලන්දිනවානම් මේ තත්ත්වය උදා වන්නේ නෑ. මාළු වෙළෙඳසල්වල මාළු සෝදන්න, අත් සෝදන්න, පිහි සෝදන්න, ලෑලි පිරිසිදු කරන්න පහසුකම් තියෙනවානම් මේ තත්ත්වය ඇති වන්නේ නෑ."


මහනුවර මහා රෝහලේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, කෝවිඩ් 19 පැතිර යෑම හා මත්ස්‍ය පරිභෝජනය අතර සම්බන්ධය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි.



"කොවිඩ් 19 වෛරසය සතුන් අතර පැතිරෙන බවක් මෙතෙක් සොයාගෙන නෑ. මාළු පරිභෝජනය කළා කියලා මේ රෝගය පැතිරෙන්නේ නෑ. ලුණු වතුරෙදි වෛරසය ඉක්මණින් විනාශ වෙන නිසා මාළු අල්ලන අවස්ථාවෙදිත් අවදානමක් නෑ. ඒත් මාළු විකුණන තැන්වලට වෛරසය වැටුණොත් සාමාන්‍ය පරිසරයට වඩා වෛරසය ජීවීව තියෙන්න පුළුවන්. මාළු ගේනකොට ගේන පාර්සලයේ, කවරයේ ගෑවිලා එන්න පුළුවන්. මාළු ගෙදරට ගෙනත් හොඳින් සෝදලා උයලා කෑවොත් බෝ වෙන්නේ නෑ. නමුත් මාළු සුද්ද කරද්දී නාසය, කට, ඇස අල්ලන්නේ නැතුව පරිස්සමින් කරන්න ඕන."


මහනුවර මහා රෝහලේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, කෝවිඩ් 19 පැතිර යෑම හා මතස්‍ය පරිභෝජනය අතර සම්බන්ධය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි."කොවිඩ් 19 වෛරසය සතුන් අතර පැතිරෙන බවක් මෙතෙක් සොයාගෙන නෑ. මාළු පරිභෝජනය කළා කියලා මේ රෝගය පැතිරෙන්නේ නෑ. ලුණු වතුරෙදි වෛරසය ඉක්මණින් විනාශ වෙන නිසා මාළු අල්ලන අවස්ථාවෙදිත් අවදානමක් නෑ. ඒත් මාළු විකුණන තැන්වලට වෛරසය වැටුණොත් සාමාන්‍ය පරිසරයට වඩා වෛරසය ජීවීව තියෙන්න පුළුවන්. මාළු ගේනකොට ගේන පාර්සලයේ, කවරයේ ගෑවිලා එන්න පුළුවන්. මාළු ගෙදරට ගෙනත් හොඳින් සෝදලා උයලා කෑවොත් බෝ වෙන්නේ නෑ. නමුත් මාළු සුද්ද කරද්දී නාසය, කට, ඇස අල්ලන්නේ නැතුව පරිස්සමින් කරන්න ඕන."

ඔහු තවදුරටත් පැවසුවේ, මාළු සම්බන්ධයෙන් පමණක් නොව වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඕනෑම ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.


'ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා'


පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසන්නේ මාළු ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බව පමණක් නොව, වෛරසය සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය අවශ්‍ය බැවින් මාළු ආහාරයට ගැනීමේ වැදගත්කමද ඇය අවධාරණය කරන්නීය.

"මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති ආසාදිතයින් 54 දෙනාගෙන් ධීවර වෙළෙඳසල් ආශ්‍රිත අය ඉන්නේ 18 දෙනෙකු පමණයි. මේ අතර ධීවරයන් කිසිවකු නෑ. මාළු වෙළෙඳසල් ආශ්‍රිතව රෝගය පැතිරීමට හේතුව මූලික සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීමයි. මාළු ආශ්‍රයෙන් වෛරසය පැතිර යන බවට පවතින මතයේ කිසිම සත්‍යයක් නෑ. මේ වෛරසය සමග සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මාළු ආහාරයට ගැනීම ඉතා වැදගත්."


SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: