![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6cxZ5y2xL-p4KpTSYieLY-4pE9YNgF-q4x2Guoaa8EHZYfY972lt03MoS8lCfj038ktw8ObDGe6-lrgbau5l6tqGh579cES6boMJ0gUPHqU9FcohWidSyDnmnNemVYLpN5QBEhW9sZMc/s320/a8cb3e14894675.562de936a67d0.jpg)
අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?
- 1.අඟුරු කුඩු කිලෝග්‍රෑම් එකයි.
- 2.ලී කුඩු කිලෝග්‍රෑම් එකයි.
- 3.පට්ටා කිලෝ එකයි.
- 4.සුදු හඳුන් කුඩු ග්‍රෑම් ග්‍රෑම් 500 යි.
- 5.සාම්බ්‍රානි කුඩු ග්‍රෑම් 500 යි .
- 6.උණ කුරු අවශ්‍ය ප්‍රමාණයක්
- 7.jesmine හෝ වෙනත් සුවඳ 150ml.
- 8.white ඔයිල් 200ml
- 9. සැවැන්දරා කුඩු ග්‍රෑම් 500 යි.
- 10.ලී කුඩු කිලෝ එකයි.
සාදන ක්‍රමය.
1. ලී කුඩු, පට්ටා ,අඟුරු, සැවැන්දරා සහ සාම්බ්‍රානි ආදිය කුඩුකර පෙනේරයෙන් හලා ගන්න.
2.වතුර සමඟ මිශ්‍ර කරමින් තලපයක් සේ සියල්ල එකට මිශ්‍ර කොට සකස් කර ගන්න.
3.දියාරු නොවන ආකාරයට සාදා ගත් මෙම තලපයෙන් කඩා ගත් කුඩා කොටසක් හොඳින් මදින ලද ලෑල්ලකට යළිත් තලපයක් සේ තවරා ,උණ කූරු ඒ මත තබා අත්ලෙන් එක් පැත්තකට අඹර වන්න .එවිට ඔබ දැක ඇති හඳුන්කූරු සේ එම තලපය උණ කූරු වලට ඇලෙයි.
4.මිශ්‍රණය ඇලුණු උන කූරු අව්වේ තබා හොඳින් වියළා ගන්න.
සුවදවත් කර ගන්නේ කෙසේ ද ?
jesmine හෝ වෙනත් සුවද වර්ගය සහ white oil කොටස් 1 1/2 ක් එකට මිශ්‍ර කොට ස්ප්‍රේ යන්ත්‍රයක් මගින් එම මිශ්‍රණය හඳුන්කූරට ස්ප්‍රේ කරන්න .
(ස්ප්‍රේ යන්ත්‍රයක් නැති වුවද අදාළ මිශ්‍රණයට හඳුන්කූරු බහා ගැනීමෙන් කාර්යය පහසු කර ගත හැකිය.එහෙත් එසේ කිරීමෙන් සුවඳ මිශ්‍රණ වැඩි ප්‍රමාණයක් වැය වේ .)
සුදු සව් කඩදාසි වල දවටා පැකැට්ටුවක බහා ගත් කූරු 25 ක් හෝ 50 ක් වශයෙන් වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකිය .හිස් දවටන අවශ්‍ය නම් ඒවා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලදී මිලදි ගත හැක .
වැදගත්
කොටස් වශයෙන් සඳහන් කර ඇති හඳුන් කූරු සාදා ගැනීමේදී කරගන්නා ද්‍රව්‍ය කොටස් මැනීම සඳහා උපයෝගී කරගන්නා භාජනයෙන් කොටස් 6, 12 ක් වශයෙන් මැන ගන්න.එලෙසින්ම කුඩු දියරයද මැන ගන්න.
හදුන්කූරු වලින් සාර්ථකත්වයට පත්වූ වික්‍රමගේ කතාව සහිත විඩියෝව
හදුන්කූරු හදනා අාකාරය